Press "Enter" to skip to content

අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් අර්බුදය

මහරගම අපේක්ෂා රෝහලේ සිදුකරනු ලබන පෙට් ස්කෑන් පරීක්ෂාවන් අඛණ්ඩව සිදුවන බවත්, එහි ස්වයංක්‍රීය එන්නත් කිරීමේ යන්ත්‍රයට අවශ්‍ය රසායනිකය ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

අදාළ යන්ත්‍ර විශාල මුදලක් ගෙවා මිලදී ගත් නමුත් කොමිස් මුදල් ඉලක්ක කරගනිමින් එය සිදු නොකළ බවත් ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශ ජනතාව නොමඟයවන සුලු අසත්‍ය ප්‍රචාර බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.

මහරගම අපේක්ෂා රෝහල සඳහා මිලදී ගත් රුපියල් කෝටි 20ක් වටිනා පෙට් ස්කෑන් යන්ත්‍රයේ ස්වයංක්‍රීය එන්නත්කරණය වසරක පමණ කාලයක සිට නතර කර තිබෙන බව සෞඛ්‍ය වෘත්තීය සංගමයක් විසින් පසුගියදාක අනාවරණ කර තිබේ.

ඊට පිළිතුරු ලෙස මාධ්‍ය හමුවට එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වර්තමාන තත්ත්වය මෙසේ පැහැදිලි කළේය.

“මේ රසායනිකය ලබාදෙන යන්ත්‍රය පෙට් ස්කෑන් යන්ත්‍රයත් සමඟ පරිත්‍යාගයක් ලෙස ලැබුණු යන්ත්‍රයක්. මේ යන්ත්‍රයේ කටයුතු නැවතුනා කියලා පෙට් ස්කෑන් එකක්වත් නතර කරලා නැහැ. මේ යන්ත්‍රයට අවශ්‍ය දේවල් අපි අදාළ සමාගමෙන් ඇණවුම් කරලා තියෙනවා. ඒක ලැබීමේ ප්‍රමාදයක් තියෙන්නේ.”

එසේම මේ සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ  ප්‍රතිචාර පහත පරිදි විය.

“මේක පරිත්‍යාගයක්. කවුරුවත් දීපු එකක් නෙමෙයි. මේ කතා කරපු අයට ඒ ගැන සියලු අවබෝධයන් තියෙනවා. ඉතාමත්ම පැහැදිලිව ඔවුන්ගේ තිබෙන වෙනත් අවශ්‍යතා වෙනුවෙන් මේ විදියේ ප්‍රකාශයන් කරනවා.”

More from අවධානය පිණිසයිMore posts in අවධානය පිණිසයි »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *