Press "Enter" to skip to content

නාවික හා සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේ සැලැස්මක්

නාවික හා සංචාරක කර්මාන්තය වැඩිදියුණු කරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. කොළඹ වරාය නගරය, ගාල්ල හා ත්‍රීකුණාමලය ඒ සඳහා යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.

ඔක්තෝබර් 27,28,29 යන දිනයන්හි පැවැත්වීමට නියමිත බෝට්ටු හා නාවික සංදර්ශනය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවේ දී ඇමතිවරයා මේ කරුණු සඳහන් කළේය.

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් අතරින් සියයට 33 ක් නැවත පැමිණෙන සංචාරකයෝ වෙති. ඔවුන්ට නව සංචාරක ගමනාන්ත හඳුන්වා දිය යුතුය. රජය හෝ සංචාරක ඇමතිවරයා වෙනස් වුවද වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම අවස්ථාවට එක්වු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා බෝට්ටු හා නාවික ක්‍ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි පැවසීය. තවද විදේශීය නිෂ්පාදකයන් සඳහා වැඩි අවස්ථාව සලසා දීම එහි අරමුණයි. එමඟින් රටේ ආර්ථිකයට ද ශක්තියක් ලැබෙන බව රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *