Press "Enter" to skip to content

සූපශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනය 2023

ශ්‍රී ලංකාවේ වඩාත් විස්තීර්ණ ආහාර සහ පාන ප්‍රදර්ශනය සූපශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනය 2023 අඛණ්ඩව 20 වන වරටත් පැවැත්වීමට නියමතයි.

සූපශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනය 2023 සූපශාස්ත්‍ර සහ ආගන්තුක සත්කාර අංශ ආවරණයවන පරිදි සැකසීමේ සිට පරිභෝජන අදියර දක්වා ආහාර නිෂ්පාදන සහ සේවාවන් ආවරණය කරනු ඇත. කෙටියෙන් කිවහොත් “කර්මාන්ත ශාලාවේ සිට මේසය දක්වා” ආහාරවල සෑම අංශයක්ම මෙම ප්‍රදර්ශනයෙහි ආවරණය කෙරේ.

ලංකා සූපවේදීන්ගේ සංසදය විසින් සංවිධානය කරන සූපශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාකීය සූපවේදීන් 2000 කට අධික පිරිසක් සහබාගිවනු ඇත.

සූපශාස්ත්‍ර කලා ආහාර ප්‍රදර්ශනය ලොව පුරා ආකර්ෂණය දිනාගනු ඇති අතර විවිධ අංශ නියෝජනය කරන ගැනුම්කරුවන්, නව නිෂ්පාදනකයින් සහ සේවාවන් බලාගැනීමට සහ ලබා ගැනීමට හැකි මහඟු අවස්ථාවකි.

ප්‍රදර්ශනය 2023 ජූනි 9, 10, 11 පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා කොළඹ BMICH හිදී පැවැත්වේ.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *