Press "Enter" to skip to content

ජනපතිගෙන් කෘෂිකර්මට අමතර මිලියන 2500ක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නව්‍යකරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැයෙන් වෙන් කල මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2500ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබේ.

මෙම රුපියල් මිලියන 2500 න් සැම දිස්ත්‍රික්කයකටම රුපියල් මිලියන 100 බැගින් කෘෂි අංශය නවීකරණය හා නව තාක්ෂණය ලබා දීමට වෙන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ අනුව එක් දිස්ත්‍රික්කයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක් බැගින් තෝරාගෙන එක් කොට්ඨාසයක් සඳහා රුපියල් මිලියන 25ක් බැගින් ලබා දෙන බවද අමාත්‍යවරයා කීය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *