Press "Enter" to skip to content

මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් සමඟින් රනින් සැරසුණු, සතුටින් පිරි අවුරුද්දක්!

අලුත් අවුරුද්දේ සුභ ආරංචිය රට පුරා විහිදෙමින් කොහාගේ මිහිරි නාදයත් සමගින් වසරේ ඔබ අප සැවොම මග බලා සිටින අවුරුදු වසන්තය කෙමෙන් කෙමෙන් ලගා වන වගයි.

සියලු දෙනා ප්‍රීතියෙන් උතුරා යන අපූරු අවුරුදු සමය නැවතත් මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් සමගින් සැමරීමට ඔබ සුදානම්ද? ඔබගේ ආදරණීයයන් හට එලබීමට නියමිත සිංහල හා දෙමල අලුත් අවුරුද්ද සදා මතකයේ රැදෙන මිහිරි මතකයන් සපිරුණු රත්තරන් අවුරුද්දක් බවට පත් කර දීමට වසර 50 මුළුල්ලේ ශ්‍රී ලාංකියයන්ගේ විශ්වාසය දිනාගත්, කාන්තා ඔබගේ ප්‍රමුඛතම ස්වර්ණාභරණ නිමැවුම්කරු – මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් මෙවරත් ඔවුන්ගේ ආකර්ශනීය අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන් සමගින් සුදානම්.

දශක පහකට වැඩි කාලයක් මුළුල්ලේ මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම අවුරුදු සැමරුම් වල විශ්වාසනීය සංකේතයක් වී හමාරය. ඔවුන්ටම ආවේනික වූ උසස් නිමාවකින් යුත් සිත් ඇදගන්නා සුළු නවීන මාදිලියේ ස්වර්ණාභරණ නිර්මාණ සමගම මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් කාන්තාවන්ගේ විශ්වාසනියම රන්නිමවුමක්රුවා බවට පත්ව ඇත. සිංහල හා දෙමල අලුත් අවුරුද්දේ ඇති සංස්කෘතික සාම්ප්‍රදායයන් ඔප්නංවමින් ඔවුන්ගේ විලසිතාවන් මෙවරත් සිත් ඇදගන්නා සුළු අයුරින් ගෙනෙනු ලබයි.

ඔබ වෙනුවෙන් මෙම අවුරුදු සමය දීප්තිමත් කිරීමට මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙතින් අගනා ස්වර්ණාභරණ එකතූන් රැසක්!

  1. සිත් ඇදගන්නා සුළු කැරට් 22 උසස්ම තත්වයේ රත්තරනින් නිමැවුනු Pearl ස්වර්ණාභරණ එකතුව අගනා පෙන්ඩන්ට්, කරාබු සහ මනරම් මාල එකතුවකින් සමන්විත් වේ.
  2. විචිත්‍රවත් වූ නිමාවකින් යුත් ඉතා වර්ණවත් Colored Stones සමගින් නිමවූ ස්වර්ණාභරණ එකතුව පෙන්ඩන්ට්, බ්‍රේස්ලට් සහ කරාබු සහිත වන අතර මෙය ඉතා අකර්ශණීය එකතුවක් වනු නොඅනුමානය.
  3. අතිවිශිෂ්ට නිමාවකින් යුත් කැරට් 22 බ්‍රේස්ලට් සහ නවීන මෝස්තරයෙන් යුත් පෙති මාල එකතුවක්ද මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ගෙනෙනු ලබයි.
  4. සැමදා දියමන්ති සමගින් දිදුලන්නට කැමති ඔබ වෙනුවෙන්ම අද්විතීය ආකර්ශනයකින් යුත් Diamond ස්වර්ණාභරණ එකතුවක්ද මේ අතර වේ.

එපමණක් නොවේ. මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙතින් ඔබට මෙම උත්සව සමය වඩාත් උත්කර්ෂවත් කිරීමට අසමසම දීමනා රැසක් පිරිනමයි!

අලුත් අවුරුද්ද සදහා ඔබ වෙනුවෙන්ම ස්වර්ණාභරණ සදහා 40% දක්වා වට්ටම් සහ මාස 24 දක්වා පහසු ගෙවීමේ ක්‍රම. මෙම දීමනාව අප්‍රේල් මස 20 දක්වා පමණි.

ස්වර්ණාභරණ මිලදී ගන්නා ඔබට පුදුම හිතෙන අයුරින් Instant Cashback ලබා දීමටද ඔවුන් සුදානම්. මෙම දීමනා මාර්තු 27 වනදා සිට අප්‍රේල් 5 වනදා දක්වා පමණක් වලංගු වේ.

මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ශාඛාවක් වෙත පමිණෙන ඔබ සදහා තවත් පුදුම කිරීම් රැසක්. මාර්තු 25 සිට අප්‍රේල් 05 දක්වා ඔබගේ සෑම ස්වර්ණාභරණ මිලදී ගැනීමක් සමඟම වටිනා තිළිණයක්. තවද මාර්තු 27 සිට අප්‍රේල් 11 දක්වා මනරම් නිමාවකින් යුත් රන් මාල රන් මිලට පමණක්ද ලබා ගැනීමේ සුවිශේෂී අවස්ථාවද හිමිවේ.

ඔබගේ කැරට් 22 පැරණි රන් ආභරණ සදහා රු; 160,600 ක ඉහලම රන් හුවමාරු මිලක්ද පිරිනමයි.

මෙම සමය තුල විවාහ සිහිනය සබැ කර ගැනීමට සැලසුම් කරන ඔබ සදහා මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් සමගින් විවාහ මංගල ස්වර්ණාභරණ ලබා ගැනීමට අනගි අවස්තාවක්. කැරට් 22 විවාහ මංගල මාලය සහ මුදු යුගල රු.290,000/= සිට ඉහලට මල්ලිකා හේමචන්ද්‍ර ජුවල්ස් ගෙනෙනු ලබයි.

අද්විතීය ගුණාත්මක බවින් සහ අසමසම ආකර්ශනිය මෝස්තරවලින් යුත් අනගි ස්වර්ණාභරණ පහසු මිලට ලබාගැනීම සදහා මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස්හි හෝර්ටන් පෙදෙස කොළඹ 07 ප්‍රදර්ශනාගාරය මෙන්ම නුගේගොඩ,ලිබර්ටි ප්ලාසා, වෝඩ් සිටි- ගම්පහ සහ කැන්ඩි සිටි සෙන්ටර් හි පිහිටි ප්‍රදර්ශනාගරයන් දින 7 පුරා විවෘතව පවතී.

එමෙන්ම නවතම දිමනා, නවතම නිර්මාණ පිළිබද විස්තර දැන ගැනිම සදහා මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් Facebook පිටුව සහ Instergram පිටුව Like කරන්න Follow කරන්න. තවද අනගි ස්වර්ණාභරණ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සදහා 0112688531 හෝ 0706443604 අමතන්න.

වෙබ් : https://www.mallikahemachandra.com

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *