Press "Enter" to skip to content

සණස රක්ෂණ සමාගම ප්‍රථම වතාවට අලෙවි නියෝජිත සමුළුවක් පවත්වයි

සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කොටගනිමින් පවත්වන “සණස රක්ෂණ නියෝජිත සමුළුව” එළඹෙන 05 වන දින සණස කැම්පස් පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතය. ‘ලොව දිනන හෙට දිනකට’ යන්න තේමා කොට ගනිමින් පවත්වන මෙම වැඩසටහන සඳහා දිවයින පුරා සේවයේ යෙදෙන සණස රක්ෂණ අලෙවි නියෝජිතයන් 1500කට වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය.

සණස නායක විශ්ව ප්‍රසාදිනි ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙහි ප්‍රධාන අභිලාශය වන්නේ සණස රක්ෂණ අලෙවි නියෝජිතයන් දිරිගැන්වීම සහ ඔවුන් හා ආයතනය අතර ඇති සුහදතාවය වර්ධනය කිරීමයි.

මෙම නියෝජිත සමුළුව යනු හුදෙක් එක් උත්සව අවස්ථාවක් නොවන අතර එය හුදෙක් සණස රක්ෂණ සමාගමේ සමෘද්ධිය උදෙසා නියෝජිතයන්ගේ දායකත්වය ප්‍රකාශ කිරීමකි. එමෙන්ම සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් හා සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් යන සණස රක්ෂණ ආයතන ද්විත්වයේ ගෞරවනීය හවුල්කරුවන් සමඟින් පවත්වන මෙම සමුළුව ආයතනයන් අතර ඔවුන්ගේ විශ්වාසනීවයත්වයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමක් ද වනු ඇත.

Great Place to Work ඇතුළු දෙස් විදෙස් සම්මාන රාශියක් දිනා ගනිමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදුකරමින් සිටින අතර මේ දිනවල තම ව්‍යාපාර කටයුතු දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් පුළුල් කිරීමේ අරමුණින් තම රැකියා අවස්ථා ඔස්සේ දක්ෂ වෘත්තිකයින් රටට දායාද කරමින් සිටි. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ආයතනය තම ශාඛා ජාලය පුළුල් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකර ගෙන යනු ලබන අතර මේ වනවිට ශාඛා 100 ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ව්‍යාප්ත කර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් සපයමින් සිටියි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *