Press "Enter" to skip to content

ප්‍රීමා කොත්තු මී සැරට මෙවරත් බිග් මැච් උණුසුම් වෙයි

ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ක්‍රීඩාශීලීත්වය වැඩිදියුණු කිරීමෙහි නිරන්තරයෙන් අතහිත ලබාදෙන, තාරුණ්‍යයේ ජවසම්පන්න රිද්මය හා සුසර වූ “ප්‍රීමා කොත්තු මී”නූඩ්ල්ස් සන්නාමය මේ වසරේත් පාසැල් බිග් මැච් උද්‍යෝගිමත් බව වැඩිදියුණු කිරීමෙහි සිය අනුග්‍රාහක දායකත්වය එක්කොට ඇත.

සෑම වසරකම මාර්තු මාසයේ ඇරඹෙන ශ්‍රී ලාංකීය පාසැල් ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී ක්‍රීඩා සම්ප්‍රදායක් ලෙස බිග් මැච් තරග හඳුනාගත හැකිය. පාසැල් දෙකක් අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගාවලිය බිග් මැච් ලෙස හැඳින්වෙන අතර තම පාසලේ අභිමානය රටට හඬගා කීමෙහි මෙරට ප්‍රමුඛ පෙළේ පාසැල් රැසක ආදි සිසුන් හා වත්මන් සිසුන් දෙපාර්ශ්වයම බිග් මැච් මුල්කරගනිමින් වාර්ෂිකව එකමුතු වෙති. ක්‍රිකට් රසිකත්වය සමග බැඳුනු රස සන්නාමය “ප්‍රීමා කොත්තු මී” ශ්‍රී ලාංකීය පාසැල් ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා වසර ගණනාවක සිට ලබාදෙන අඛණ්ඩ සහයෝගය තවදුරටත් ශක්තිමත් කරමින් මේ වසරේත් රට පුරා පැවැත්වෙන බිග් මැච් තරගාවලි රැසක් ශක්තිමත් කරනු ලබයි. එදාමෙදාතුර ශ්‍රී ලාංකීය ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් රැසකගේ දස්කම් මුල්වරට රටට හෙළි කළ – අනාගත ක්‍රිකට් තරු බිහිකරන වැඩබිමක් බඳු බිග් මැච් සම්ප්‍රදායේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනූ දීප ව්‍යාප්ත තරඟාවලි කිහිපයක් මෙවර ප්‍රීමා කොත්තු මී අනුග්‍රාහකත්වයෙන් ශක්තිමත් කෙරේ.

මෙවර බිග් මැච් තරගාවලි ශක්තිමත් කිරීමෙහි “Specialty Food Partner” ගෞරවය හිමිකරගත් ශ්‍රී ලාංකීය රසවතුන්ගේ ආදරය දිනූ නූඩ්ල්ස් සන්නාමයක් වන ප්‍රීමා කොත්තු මී සතු එකිනෙකට වෙනස් රසයන්ගෙන් රසගැන්වූ නිෂ්පාදන සියල්ල බිග් මැච් උණුසුම රසගැන්වීමට තරග බිමට පිවිස ඇත. “ප්‍රීමා කොත්තු මී” උණුසුම් රස රැස බිග් මැච් ජය උදෙසා තරග වදින තරුණ ජවසම්පන්න ක්‍රීඩකයන් හා ක්‍රීඩා උණුසුමෙන් උද්‍යෝගිමත් ප්‍රේක්ෂකයන් එක ලෙස රසයෙන් සනහාලීමෙහි සමත්ය.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *