Press "Enter" to skip to content

සණස ලයිෆ් මෙරට ශීඝ්‍රයෙන්ම වර්ධනයවන ජීවිත රක්ෂණ සමාගම බවට පත්වේ

2023 වර්ෂයේ ප්‍රථම කාර්තුවේදී සියලුම ජීවිත රක්ෂණ ආයතන අභිබවා 90%ක වර්ධන වේගයක් වාර්තා කරමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් 8 වන ස්ථානයට පත් වී ඇත. 2022 ප්‍රථම කාර්තුවේදී දළ වාරික ආදායම රු. මි. 504ක් වූ අතර 2023 ප්‍රථම කාර්තුව අවසන් වන විට දළ වාරික ආදායම රු. මි. 959 දක්වා වර්ධනය වූ අතර එහි ප්‍රතිශතය 90%කි. රක්ෂණ ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතන අභිබවා වැඩිම වර්ධන වේගයක් වාර්තා කිරීම මෙහි ඇති සුවිශේෂි කරුණයි.

2022 වර්ෂයේ රක්ෂණ සමාගම් අතර 9 වැනි ස්ථානයේ සිටි සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම මෙම වර්ධනයත් සමඟ 2023 වර්ෂයේදී අට වැනි ස්ථානයට පත් වී ඇත. එසේම රක්ෂණ වෙළෙඳපොළේ ඔවුන්ගේ වෙළෙඳපොළ කොටස 2.8% දක්වා වර්ධනය වී ඇත.

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරි අයිවන් නිකලස් මහතා පැවසුවේ ආයතනයේ සියලුම සේවකයන්ගේ කැපවීම සහ උත්සාහය නිසා මෙවැනි ජයග්‍රහණයක් ලැබූ බවත්, අභියෝගාත්මක ඉදිරි කාලයේදීත් ආයතනය සිය ඉලක්ක ජය ගනු ඇති බවත්ය.

“සෑම විටම පාරිභෝගික අවශ්‍යතාවලට මුල් තැන දෙමින්, පාරිභෝගික අවශ්‍යතා මනා ලෙස වටහා ගනිමින් රක්ෂණ සේවා සැළසුම් කිරීම සහ හඳුන්වා දීම අප ලැබූ වාර්තාගත වර්ධනයට හේතුවක් වුණා. ඉදිරියේදී පාරිභෝගික විශ්වාසය තව දුරටත් තහවුරු කර ගනිමින් ඉහළ මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කිරීමට අප බලාපොරොත්තු වෙනවා.” සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික කිරිවන්දෙණිය මහතා පැවසීය.

ආර්ථික දුෂ්කරතා ඇති ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවමින් ඔවුන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පී. එල්. සී. ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ලෙස කීප වරක්ම දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ මෙරට ප්‍රමුඛ පෙළේ රක්ෂණ සේවා සම්පාදකයෙකි. වර්තමානයේදී මධ්‍යම හා ඉහළ ආදායම් උපයන ජනතාව උදෙසාද නව්‍යතාවෙන් යුතු රක්ෂණ සැළසුම් හඳුන්වා දෙමින් සාර්ථකව ක්‍රියාත්මක වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් දිවයින පුරා ශාඛා 100කට ආසන්න ප්‍රමාණයකින් සමන්විතය.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *