Press "Enter" to skip to content

ඉදිරි ඡන්දයට රටට සේවය කළ හැකි තරුණ පිරිසක් ඉදිරිපත් කරනවා

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා රටට සේවය කළ හැකි තරුණ පිරිසක් ඉදිරිපත් කරන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පැවැසුවේ ජනසෙත පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද ප්‍රකාශ කළහ.

“ජනසෙත පෙරමුණේ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ සාකච්ඡාවේදී සෑම දිස්ත්‍රික් සංවිධායකවරයෙක්ම කියා සිටියේ අප එළැඹෙන පළාත් පාලන මැතිවරණයට තරුණ කණ්ඩායමක් ඉදිරිපත් කළ යුතුයි කියලා.

මම රටේ ඉන්න සියලු තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින්නේ තමුන්නාන්සේලාගේ පළාතට වැඩක් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අප පක්ෂය සමඟ එක්ව ඡන්දය ඉල්ලන්න. උගත් නූගත් සැමට මම ආරාධනා කරනවා. සමාජයේ ඉන්න පුද්ගලයා තමයි උගත් වෙන්නේ. ආචාර්ය, මහාචාර්ය, අධිනීතිඥ කියලා ඉගෙන ගත්තට සමහර අය පොතට පමණක් සීමා වෙලා තියෙනවා.

අන්තිමට කැකුළු හාල් කිලෝව 270යි. කැකුළු හාලුත් නෑ. මිනිසුන්ට කන්නත් නෑ. මම දැක්කා මන්ත්‍රී කෙනෙක් කියනවා, අපි ඕනතරම් කිරිබත් දෙන්නම් කියලා. කොහෙන්ද දෙන්නේ. ජනතාවගේ සල්ලිවලින් හාල් අරගෙන කිරිබත් උයලා ජනතාවටම කන්න දෙනවා. ඕක අපි කාට කරන්න බැරිද? සහල් මාෆියාව, ලුණු මාෆියාව අද රටේ පැතිරිලා. මේවාට විසඳුම් අවශ්‍යයි.”

නෙරංජලා වික්‍රමසිංහ

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *