“අපි ගමන් කළේ පදික වේදිකාවත්,රේල්පීල්ලත් අතර කොටසේ.ඒ හරියේ පදික වේදිකාව දිගයි. පදික වේදිකාවේ යනකොට කෝච්චි ඈතින් එනවා.එතකොට අපි හිටිය තැනයි දුම්රිය අතරයි දුර මීටර් 500ක් පමණ ඇති.පදික වේදිකාවයි රේල් පීල්ලයි අතර කුඩා ඉඩක් තිබ්බේ.ඉදිරියෙන්ම ගමන් කළේ මම.දුම්රිය ළඟ එනවා දැකලා මම ඉක්මනට අත තියලා පදික වේදිකාව උඩට ක්ෂණිකව නැඟ ගත්තා. තරිනි සහ විමලා නැන්දා මගේ පිටිපස්සෙන් ආවේ. ඒ දෙන්නා පීල්ලත් පදික වේදිකාවත් අතරමැද කොටසේ හිටියා. එයාලාට නැඟ ගන්න බැරි වුණා.
ඒත් එක පාරටම මම දැක්ක විමලා නැන්දා කෝච්චියේ වැදිලා රෝල් වෙලා යනවා. මම තරිනිව දැක්කේ නෑ. මම කැලේ පැත්තට පැනලා තරිනිගෙ ලොකු අම්මාගේ නිෙවසට ගිහින් සිඟිති අක්කාට කිව්වා. පස්සේ තමයි මම දැනගත්තේ ඒ දෙන්නා මියගිය බව. කුඩා කාලයේ සිට තරිනියි මමයි, එකට පාසල් ගියේ.කුඩා කාලේ සිට අපි දෙන්නා හොඳ මිතුරන්” යැයි අනුරාධපුර දුම්රිය මඟේ ඡායාරූප ගනිමින් සිටි විහඟ සිතුවම් තරුණයා ප්‍රකාශ කළේය.
අනුරාධපුර නව නගරයේ අලුතින් ඉදිකරමින් පවතින බහුවිධ දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයේ පෙරේදා(22)පස්වරුවේ ඡායාරූප ගනිමින් සිටියදී දෙදෙනකු දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වූ අනතුරේ සාක්ෂි ලබා දෙමින් රත්නපුර පදිංචිව සිටි 18 හැවිරිදි මිල්ලගස්තැන්නේගේ විහඟ සිතුවම් ඒකනායක යන අය එසේ පැවසීය.
වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් ඔහු මෙසේ ද පැවසීය.
“මම ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.පසුගිය 20 වැනි දින අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටයිකොන්ඩෝ තරගාවලියට මගේ මල්ලිලා දෙන්නා ක්‍රීඩා කරන්න හිටියා.අම්මත් තාත්තත් මමත් මල්ලිලාත් ක්‍රීඩා උත්සවයට ආවා. මෙය පැවැත්වුණේ 22 වැනිදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාපිටිය අසල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ. ජීවිතක්ෂයට පත්වුණු තරිනි නිසාදරිගේ ලොකු අම්මා කෙනෙක් අනුරාධපුර නව නගරයේ දුම්රිය ස්ථානය ආසන්නයේ විමුක්ති පටුමඟ අසල, 26/4, පදිංචිව ඉන්නවා කිව්වා. පස්සේ අපි ඇගේ ලොකු අම්මා වන ලලිතා නැන්දාගේ නිෙවසට ගියා. ඒ ගමනට විමලා රංජනී නැන්දත් අප සමඟ එකතු වුණා. රංජනී නැන්දා අපේ ගෙදරට උඩ පාරේ අපේ නිෙවස ආසන්නයේ තමයි පදිංචිව සිටින්නේ. අපි ක්‍රීඩාංගණයේ ඉඳලා නාච්චාදූව පාරේ යන බස් එකේ ඇවිත් තමයි බස් එකෙන් බැහැලා අනුරාධපුර නව නගරයේ දුම්රිය පාරෙන් තරිනිගේ ලොකු අම්මලාගේ ගෙදරට ගියේ. පසුව තරිනිගේ ලොකු අම්මා අපට බීම හදලා දුන්නා. බීම බීලා නැවත අපි රේල් පාර දිගේ අනුරාධපුර ප්‍රධාන දුම්රියපොළ දෙසට පයින් ආවා. එන අතරවාරයේ අපි තුන්දෙනා රේල් පාර අසල නතර වෙලා ෆෝන් එකෙන් ෆොටෝ ගැහුවා. විමලා රංජනී නැන්දා කිව්වා මට ෆොටෝ ගහන්න කියලා. මියගිය තරිනිත් කිව්වා ෆොටෝ ගහන්න කියලා. පසුව මම දෙන්නගෙම ෆොටෝ ගත්තා. ෆොටො හයක් විතර ගත්තා.අන්තිම ෆොටෝ එක ගත්තේ හවස හතරයි 4.11ට පමණ. ෆොටෝ අරගෙන රේල් පාර දිගේ ගමන් කළා. මට තමා වුවමනාව තිබ්බේ රේල් පාර දිගේ ගමන් කරන්න.රේල් පාර සම්බන්ධයෙන් මට දැනුමක් තිබ්බේ නෑ. රේල් පාර දිගේ ඉස්සරහට ආවම පොලීසිය. පිටිපස්සෙන් සල්ගාදු පිට්ටනියට යන්න පුළුවන් කියා කිව්ව නිසා අපි එන්න පිටත් වුණා. මම මීට පෙර දුම්රියක ගිහින් නෑ. මේ රේල් පාර ගැනවත් දුම්රිය ගැනවත් මට දැනුම්වත්භාවයක් නෑ.
මෙහිදී බාහිර ටයිකොන්ඩෝ උපදේශක මාවනැල්ල කට්ටඩිගේ වසන්ත නයන කුමාර මහතා සාක්ෂි ලබා දෙමින් මෙසේ පැවසීය.
“අනුරාධපුරයේ පැවැත්වෙන පාසල් ටයිකොන්ඩෝ තරගාවලියට පාසල් පහක ළමයින් බස් රියකින් ඉකුත් 20දා අනුරාධපුරයට පැමිණියා. පලාබද්දල මධ්‍ය මහා විද්‍යාලයේ ළමයි 8ක් මගේ භාරයේ ආවා. හත් දෙනකුගේ මවුපියන් ආවා.මේ තරගාවලිය 20, 21, 22, සහ 23 දින හතරේ සල්ගාදු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. අපි නවාතැන් ගෙන සිටියේ පැරණි පූජා නගරයේ සංඝමිත්තා මාවතේ මහා බෝධි විද්‍යාලයේ.මේ ජීවිතක්ෂයට පත්ව සිටින තරිනි නිසාදරී නිලුපුලිගේ මවුපියන් ආවේ නැහැ.
මේ ජීවිතක්ෂයට පත්ව සිටින තරිනි නිසාදරී නිලුපුලී 21දා පැවති කිලෝ ග්‍රෑම් 62ත් 67ත් අතර බර පන්තියේ ටයිකොන්ඩෝ වෙලටරි තරගයට ඉදිරිපත් වුණා. ඇය ඒ තරගයෙන් පරාජයට පත්වුණා. යළි සංඝබෝධි විද්‍යාලයට ගොස් එදින රාත්‍රිය ගත කර පසුදා නැවතත් සල්ගාදු පිටියට පැමිණියා. සාමාන්‍යයෙන් පැරදුණු ක්‍රීඩකයන්ගේ මවුපියන් ක්‍රීඩා පිටියේ ඉන්න ඕනෑ. නමුත් තරිනි නිසාදරී සහ මගේ ශිෂ්‍යයකු වන ආකාස්ගේ මව වන, විමලා රංජනී යන අය මට නොදන්වා අනුරාධපුර නව නගරයට ගොස් තිබෙනවා. මම තරගයේ ඉන්න අවස්ථාවේදී ෆොටෝ ගහපු විහඟගේ තාත්තා වන රුවන් ඒකනායක මට දුරකතන ඇමතුමක් ලබා දී කිව්වා. තරිනි සහ ක්‍රීඩා පිටියේ සිටි ආකාස්ගේ අම්මා වන විමලා රංජනී කෝච්චියට හැප්පිලා කියලා. මම වහා ඉදිරියට තිබූ තරග අවලංගු කර ඉතිරි ළමයි ටික බස් එකට දාලා අපි නතර වෙලා හිටපු සංඝමිත්තා විදුහලට යැව්වා.
පසුව මම සිද්ධිය වූ ස්ථානයට ගියා. අනුරාධපුර පොලීසියට ප්‍රකාශයක් දුන්නා.මෘත දේහ තිබෙන්නේ ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේ. මම ප්‍රකාශයක් දෙන්න අනුරාධපුර පොලීසියට ගියා. මේ සම්බන්ධයෙන් මා විමසීම් කළ අවස්ථාවේදී දැන ගැනීමට ලැබුණේ විහඟ සිතුවම්, තරිනි නිසාදරී සහ විමලා රංජනී යන අය අනාරක්ෂිත ප්‍රදේශයකට ගොස් කියලයි. මේ අයගේ නොසැලකිලිමත් බව නිසා මේ සිදුවීම වෙන්න ඇති කියා සිතනවා.”
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්නපුර, මාපලාන, ශ්‍රී පලාපද්දල ප්‍රදේශයේ පදිංචිව සිටි තරිනි නිසාදරී නිලුපුලී රණසිංහ නමැති 18 හැවිරිදි පාසල් දැරියක සහ ඒ ප්‍රදේශයේම පදිංචිව සිටි කේ. විමලා රංජනී දැරියගේ ඥාතියකු වන 37 හැවිරිදි කාන්තාවකි.
අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් ආර්.එම්.කේ. රත්නායක(47902) මහතා අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කළ අතර හදිසි මරණ පරීක්ෂණය සහ ස්ථානීය පරීක්ෂණය අනුරාධපුර නැඟෙනහිර නුවරගම් පළාත සහ නාච්චාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය භාර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ.එම්. ජයතිලක මහතා කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.
අනුරාධපුර සංචාරක – සශිනි මධුෂාණි
Be First to Comment