Press "Enter" to skip to content

ශම්මි සිල්වා නිතරගයෙන් සභාපති පුටුවට

2025 – 2027 වාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා නැවත තේරී පත්විය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී ශම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරී පත්වී තිබේ.

විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් කමිටුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැති මෙම නිලවරණයේදී එම කමිටුව විසින් සිල්වා මහතා නැවත තේරීපත්වීම විශේෂ සිද්ධියක් විය. මෙය ඔහු අඛණ්ඩව සභාපති ධුරයට පත්වූ සිව්වැනි අවස්ථාව මෙන්ම නිතරගයෙන් පත්වූ තෙවැනි අවස්ථාව වේ.

2016 – 2019 දක්වා වූ කාලසීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරිකවරයා ලෙසින් කටයුතු කළ ශම්මි සිල්වා මහතා පළමු වතාවට 2019 වසරේදී පළමු වතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට තේරී පත්විය.

මෙවර නිලවරණයේදී සියලුම තනතුරු නිතරගයෙන් තේරී පත්වූ අතර, මෙහිදී ලේකම් තනතුර හැරුණු කොට අනෙක් සියලුම තනතුරු සඳහා හිටපු පිරිසම පත්වූහ. මෙහිදී ලේකම් තනතුර බන්දුල දිසානායක මහතාට හිමිවිය.

නිලධාරී මඬුල්ල

සභාපති – ශම්මි සිල්වා මහතා

උප සභාපති – ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා

උප සභාපති – රවීන් වික්‍රමරත්න මහතා

ලේකම් – බන්දුල දිසානායක මහතා

භාණ්ඩාගාරික – සුජීව ගොඩලියැද්ද මහතා

උප ලේකම් – ක්‍රිෂාන්ත කපුවත්ත මහතා

උප භාණ්ඩාගාරික – ලසන්ත වික්‍රමසිංහ මහතා
සුසිල් ජයකොඩි

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *