Press "Enter" to skip to content

මුන් කිසිම වැඩක් කරන්න දෙන්නේ නෑ… රැස්වීම් තියලා කුණු හරුපෙන් බනින්න ඕන

වැව් රක්ෂිත සලකුණු කරන බව ප්‍රකාශ කළ විට අහවලාගේ අහවල් එක අයින් කරලා පෙන්නපල්ලා යැයි අභියෝග කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

“උඹලට පෙන්නන්න නෙමෙයි යකෝ අපි වැඩ කරන්නේ. අපි වැඩ කරන්නේ ජාතික වගකීමක් විදිහට. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕන කියලා හැමෝම කියනවා. කරන්න හදන කොට අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියනවා. මහ පිස්සු පොරවල් ටිකක් ඉන්නේ මෙතන.

ජනතාව ජන වරමක් දුන්නේ මේක හදන්න කියලා. හදන්න යන කොට අපට අත තියන්න එපා කියනවා. අපට වැවේ ඉන්න දෙන්න. අපට ගඟේ ඉන්න දෙන්න කියනවා. පේමන්ට් එකේ කඩ දා ගෙන ඉන්නවා ජනතාව පාරේ යන්න ඕන.

මෙහෙම කතා කරල වැඩක් නෑ. එළියේ රැස්වීම් තියලා කුණු හරුපෙන් බනින්න ඕන. බැනලා වැඩකුත් නෑ උන් ඒකෙනුත් ආතල් එකක් ගන්නවා.”

උත්සව අවස්ථාවක් අමතමින් ඇමති ලාල් කාන්ත මේ බව කීය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *