Press "Enter" to skip to content

ඉන්දියාවේ සාංචි කඨින පුණ්‍ය මහෝත්සවයට මෙවර ශ්‍රී ලංකාවෙන් බැතිමතුන් දෙසීයක්

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වර්ෂ කිහිපය තුළ පැවැත්වීමට නොහැකි වූ සාංචි කඨින පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති, සාංචි චේතියගිරි විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර සංවිධානය කරන සාංචි කඨින පුණ්‍ය මහෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පවසති.

ඒ අනුව ඔක්තෝම්බර් මස 25 දින සර්ව රාත්‍රික පිරිත් පින්කම සහ 26 වැනි දින සාංචි කඨින පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ද ඒ සඳහා ශාසන නියමයන්ට අනුකූලව කඨිනාරාධනාව පසුගියදා අරනායක මෙත්දහර සදහම් වන්දනා සංවිධානය විසින් සාංචි පුද බිමේ දී සිදු කළ බව විමලතිස්ස හිමියෝ පවසති.

මෙම සාංචි චේතියගිරි කඨින පුණ්‍ය මහෝත්සවයට මෙවර ශ්‍රී ලංකාවෙන් බැතිමතුන් දෙසිය දෙනකුට ආසන්න ප්‍රමාණයක් සහභාගී වන බව මෙවර සාංචි කඨින පුණ්‍ය මහෝත්සවයේ ප්‍රධාන දායකත්වය දරන අරනායක මෙත්දහර සදහම් වන්දනා සංවිධානයේ අමිදු ජයසූරිය මහතා පවසයි.

එසේම බෝපාල්,නග්පූර්,

උජ්ජෙයින් ඇතුළු ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලින් ඉන්දීය බෞද්ධ බැතිමතුන් දහසකට ආසන්න පිරිසක් මෙවර සාංචි කඨින පුණ්‍ය මහෝත්සවයට සහභාගීවීමට බලාපොරොත්තු වන බවට දැනුම් දී ඇතැයි සාංචි චේතියගිරි විහාරවාසී පණ්ඩිත උඩුගම තපස්සී හිමියෝ පවසති.

ඊට අමතරව ඉන්දියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ද විශේෂයෙන් සාංචි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන විදේශීය බෞද්ධ සිසුන් ද මෙවර සාංචි කඨින පුණ්‍ය මහෝත්සවයට එක්වීමට නියමිත බව උඩුගම තපස්සි හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

More from වින්දනීය පුවත්More posts in වින්දනීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *