Press "Enter" to skip to content

රාජ්‍ය ආයතන වලින් පැන්නූ චන්ද්‍රපාල බැසිල්ට ඔත්තු දෙන්න හෙලිකොප්ටරයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට රිංගයි

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතාගේ ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේවන විට පොහොට්ටුවට හවුල් පක්ෂ මෙන්ම දේශපාලන පක්ෂ කිහිපයකින් සමන්විත නිදහස් ජනතා සන්ධානය ඇතුළටද රිංගමින් ඔහු එහි සිදු වන තොරතුරු රාජපක්ෂවරුන්ට ලබාදීමේ රහස් ගනුදෙනුවක් සිදු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙමින් ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තොරතුරුද රාජපක්ෂවරුන්ට ලබාදීමට කටයුතු කරන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින් ඉතා සූක්ෂම ආකාරයෙන් හිටපු ජනාධිපතිවරයාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීන්දු තීරණ බැසිල් රාජපක්ෂ මහතාට ලබා දීමට කටයුතු කරන අතර මේවන විටත් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන බවට අඟවමින් දුරකතන ඇමතුම් පවා ලබා දී ඇතැයි එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් ඔහුට අවස්ථා කිහිපයකදීම දූෂණ චෝදනා එල්ල වූ නිලධාරියෙකු මෙන්ම ඉතා දූෂිත පරිපාලනයක් ඇති කරමින් ආයතන කඩා වට්ටන බව ඔහු මීට පෙර සේවය කල ආයතනවල සේවකයින් චෝදනා කරන අතර ආයතන බොහොමයකම තනතුරු වලින් පන්නා දැමූ පුද්ගලයෙකි.

එහි ආසන්නතම සිදුවීම වූයේ රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ සියළු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමටද අසීරු කාර්යයක්ව තිබියදී, සේවක අත්තිකාල දීමනා හා වෙනත් අත්‍යාවශ්‍ය නොවන වියදම් කපාහැරීමට කටයුතු කර තිබූ මොහොතක ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් චන්ද්‍රපාල ලියනගේ ව්‍යාජ ලිපිගොණු සකසා වැටුප් වර්ධක 10ක් ලබාගනිමින් ලක්ෂ ගණනින් මුදල් වංචාකිරීමක් සිදුකොට ඇති බවට සංස්ථා සේවකයින් විසින් කෙරෙන චෝදනාවයි.

දිගින් දිගටම මොහු විසින් සිදුකොට ඇති වංචා, දූෂණ, අක්‍රමිකතා හේතුවෙන් පීඩාවට පත් සංස්ථා සේවකයින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිතියද ඇතුළුව සංස්ථා සියළු වෘත්තීය සමිති එක්ව අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය වටලා චන්ද්‍රපාල ලියනගේ ස්ථාවෙන් පන්නා දමා තිබේ.

දුෂණ චෝදනා රැසක් එල්ලවී තිබෙන මෙවන් පුද්ගලයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ නිදහස් ජනතා සන්ධානයට රිංගා සිදු කරන්නාවූ ක්‍රියාවන් සම්බන්ධයෙන් එම පක්ෂ ප්‍රබලයින් පිරිසක් දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදැක තිබේ.

ඉදිරි මැතිවරණය සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩකටයුතු සැලසුම් කරමින් තවත් පක්ෂ කිහිපයකම රැස්වීම්වලට සහභාගී වෙමින් මොහු සිදුකරන්නාවූ දෙබිඩි ක්‍රියාව පිළිබඳ අදාළ බලධාරීන් අවධානය යොමුවෙතැයි සිතමි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *