Press "Enter" to skip to content

SF රාජපක්ෂලා පතුරු ගසයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති උත්සවයකදීය.

“මේ රටේ දූෂිත ජාලයක් තියෙනවා. ඒ දූෂිත ජාලය ජාත්‍යන්තර වශයෙනුත් ඉදිරියට ගෙනිහිල්ලා පාලනය කරන්නේ මේ රටේ රාජපක්ෂවරු. මහින්ද රාජපක්ෂලාට තියෙන වරප්‍රසාද කපලා ගෙදර භාරදෙන්න කියලා තියෙනවා. මම දැක්කා ඊයේ ටිවී එකේ රාජපක්ෂලාගේ හෙන්චයියෙක් ඇවිල්ලා කට රවුම් කර කර බොහොම උජාරුවට කියනවා මේ ගෙදර තියෙනවාලු ජනාධිපති මන්දිරෙනුයි, අරලියගහ මන්දිරෙනුයි ගෙනාපු ලී බඩු උපකරණ මේවා ඒ අයි ඇවිත් අරගෙන යන්න ඕනේලු එතකොට ඉතුරුවෙන ඒවා තමයිලු අපේ පුද්ගලික උපකරණ එතකොට අපි ඒවත් අරගෙන යන්නම්ලු. තමුන්නාන්සේලා හිතනවද ඒ ගෙදරට හිරමණයක් හරි ගෙනෙයි කියලා අතේ සල්ලිවලින්. මම ආණ්ඩුවේ අධිකරණ ඇමතිනම්… මම පළවෙනියෙන්ම මහින්ද රාජපක්ෂ දාන්නේ අරලියගහ මන්දිරයේ තියෙන අර වටිනා දේපොළ මේකට ඉස්සුවාට. පැය 24න් ගිහිල්ලා අත්අඩංගුවට ගන්න පුළුවන්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *