Press "Enter" to skip to content

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන අසත්‍ය පැතිර වූ අයට වැඩ වරදී

උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළ දී සාකච්ඡාවට ලක් නොවුණු කතාවක් පිළිබඳව මන්ත්‍රීවරයෙක් විසින් වැරදි ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

(09) පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

එමෙන්ම උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළ සාකච්ඡාවට ලක් වන කරුණු පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබා දීමට එහි සිටින කිසිවෙකුට හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බවද එහිදී ඔහු සඳහන් කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ලේකම්වරයා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කළ පුද්ගලයින්ටත්, පුවත ලබා දුන් අයටත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් එහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ එම කමිටුව තුළ, පාස්කු ප්‍රහාරය ඉන්දියාවේ වුවමනාවට ක්‍රියාත්මක වූ එකක් සහ එහි මහ මොළකරු ඉන්දියාවේ යන වග රවී සෙනවිරත්න ලේකම්වරයා විසින් කිසිසේත්ම ප්‍රකාශ කර නොමැති බවය.

මෙය තම රජය විසින් ගොඩනගා ගත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කඩාකප්පල් කිරීමේ අරමුණින් සිදු කළ වැරදි ප්‍රචාරයක් වන බවද අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා,
”ඉන්දියාව ගැන කතාවත් කළේ නෑ. කිසිම රටක් ගැන සඳහන් කළේ නෑ. නමුත් ඉතාමත් වැරදි විදිහට සහ සාහසික විදිහට වැරදි ප්‍රවෘත්තියක් නිර්මාණය කරලා තියෙනවා ඒ කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. ඒක වැරදි පූර්වාදර්ශයක්.. ඒ නිසා ඒකට අදාළව ගන්න පුලුවන් උපරිම නීත්‍යනුකූල ක්‍රියාමාර්ග අනිවාර්‍යෙන්ම ගන්නවා.. මොකද එකක් උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ කතා වෙන දේවල් මාධ්‍යවලට දෙන්න සදාචාරාත්මක අයිතියක් නෑ.. ඒක වැරදී.. හරියට මේක ගැන අවබෝධයක් තියෙනවා නම් ඒක රකින්න ඕනේ.. ඒවා මධ්‍යට දෙන සදාචාරයක් නෑ.. ඒවා නීතිවලට පටහැනියි”

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *