ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය දිනූ ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන ෆැෂන් බග් පසුගියදා පැවැති People’s Pinnacle Awards 2025 සම්මාන උළෙලේදී ඇඟළුම් අලෙවි සේවා විශිෂ්ඨත්වය වෙනුවෙන් පිරිනැමෙන People’s Pinnacle Retail Textile Service Excellence Award 2025 සම්මානය දිනාගත්තේය. ශ්‍රී ලංකාවේ විශාලතම සම්මාන උළෙල වන People’s Pinnacle Awards සම්මාන උළෙල මෙවර 2025 වසර වෙනුවෙන් කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී පැවැති අතර ෆැෂන් බග් ආයතනය ඇතුළු ශ්‍රී ලාංකීය විශිෂ්ට සමාගම් 300 කට අධික සංඛ්‍යාවක් එහිදී ගෞරව සම්මානයට පාත්‍රවිය.
වෙනස්වන ජීවන රටාවන්ට ගැලපෙන ආකාරයෙන් පාරිභෝගික අවශ්‍යතා හඳුනාගනිමින් උසස් තත්ත්වයේ ඇඟළුම් නිෂ්පාදන ඉදිරිපත් කිරීම නිසා තෘප්තිමත් පාරිභෝගික පිරිසක් ෆැෂන් බග් ආයතනය වටා එක්ව සිටියි. ඇඟළුම් අලෙවි සේවා විශිෂ්ඨත්වය වෙනුවෙන් පිරිනැමෙන People’s Pinnacle Retail Textile Service Excellence Award 2025 සම්මානය මෙවර ෆැෂන් බග් විසින් දිනාගැනීමට සමත්වන්නේ දශක 3 කට වැඩි කාලයක් තිස්සේ පාරිභෝගිකයාට මුල් තැන ලබාදුන් ෆැෂන් බග් විලාසිතා මෙහෙවරේ විශිෂ්ඨත්වය මුළුමහත් ශ්‍රී ලාංකිකයන් ඉදිරියේ සනාථ කරමිනි.
ෆැෂන් බග් ආයතනය විසින් දිනාගත් People’s Pinnacle Retail Textile Service Excellence Award 2025 සම්මානය පිළිබඳ අදහස් දක්වමින් එහි ප්‍රධාන විධායක නිලධාරී ෂබීර් සූබියන් මහතා ප්‍රකාශ කර සිටියේ “අපට ලැබුණ මෙම සම්මානයේ සැබෑ හිමිකරුවන් වන්නේ වසර 30 කට වැඩි කාලයක් අප කෙරෙහි විශ්වාසය තබා රැඳී සිටින පාරිභෝගිකයන් වගේම ඒ පාරිභෝගිකයන් අප ආයතනය සමග රඳවා තබා ගන්න උසස් මට්ටමේ පාරිභෝගික සේවාවක් ලබාදෙන අපේ කාර්ය මණ්ඩලයයි. මේ දෙපිරිසම ෆැෂන් බග් දිනෙන් දින සාර්ථකත්වය දෙසට රැගෙන යනවා.” යනුවෙනි.
ඇඟළුම් විලාසිතා ක්ෂේත්‍රයේ ජාත්‍යන්තරව පිළිගත් සේවා තත්ත්ව සම්මතයන්ට අනුකූලව, සාම්ප්‍රදායික සාප්පු සවාරියකට එහා ගිය වැඩිදියුණු කළ පාරිභෝගික අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් ෆැෂන් බග් ආයතනය නිරන්තරයෙන් කැපවී සිටියි. විලාසිතා ලොව නව ප්‍රවණතා සමග නිරතුරු බැඳී පවතින ෆැෂන් බග් සන්නාමයේ අනන්‍යතාව ශක්තිමත් කරමින් කැපවීමෙන් හෘද්‍යාංගම සේවයක නියැලී සිටින පළපුරුදු ජවසම්පන්න තරුණ පාරිභෝගික සේවා කණ්ඩායම People’s Pinnacle Retail Textile Service Excellence Award 2025 සම්මානය දිනාගැනීමෙහිලා නිහඬ මෙහෙවරක් ඉටු කළහ.
සම්මානය පිළිබඳ ෆැෂන් බග් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි සහ විකුණුම්) ආචාර්ය එස්. එච්. එම්. ෆරාස් මහතා අදහස් දක්වමින් “තෘප්තිමත් පාරිභෝගිකයෙක් නිර්මාණය කිරීම ෆැෂන් බග් අපගේ ව්‍යාපාරික දැක්ම තුළ ප්‍රධාන අරමුණක් වෙනවා. උසස් තත්ත්වයේ ඇඟළුම් විලාසිතා සපයන අතරේම අපගේ විලාසිතාගාරයකට පැමිණෙන පාරිභෝගිකයන්ට සුහද සේවාවක් ලබාදීමට අප කැපව සිටිනවා. අප සමග එක්ව සිටින්නේ කාර්ය ශූර කාර්ය මණ්ඩලයක්. පාරිභෝගික සේවය සැලසීම පිළිබඳ ඔවුන්ට ලැබෙන ක්‍රමානුකූල පුහුණුව නිසා ඔවුන් තවත් ශක්තිමත්. ෆැෂන් බග් තුළ සිදුකෙරෙන සියලුම කාර්යයන් පාරිභෝගිකයාට ගෞරවර්‍ණය සේවාවක් ලබාදීම වෙනුවෙන්ම ක්‍රියාත්මකයි.” යැයි පැවසීය.
පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගත් කීර්තිමත් ව්‍යාපාරික ගමන්මග තුල තවත් එක් සම්මානනීය සංධිස්ථානයක් පසු කළ ෆැෂන් බග් ආයතනය, සම්මානලාභී සේවාව අත්විඳීමට පාරිභෝගිකයින්ට ආරාධනා කර සිටියි. ශ්‍රී ලංකාවේ ඕනෑම ෆැෂන් බග් ශාඛාවකට පිවිස හෝ www.fashionbug.lk වෙබ් අඩවියෙන් එහි නවතම විලාසිතා එකතුව අත්විඳිය හැක.






Be First to Comment