Press "Enter" to skip to content

කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා අත්අඩංගුවට

ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන්, එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී රත්නායක අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ගබඩා භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා නීතිඥවරයකු මාර්ගයෙන් ඉකුත් 19 දින , භාරවීමෙන් අනතුරුව තිස්සමහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබිණි.

රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් සැකකාර ප්‍රධාන කපුවාගේන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී යෙක් පැවසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *