Press "Enter" to skip to content

සොරුන් නිසා ‍ජාතික රෝහලේ අනාරක්ෂිත තත්වයක්

රෝගීන් බැලීමට මෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන ඇතැමුන් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකතන සහ ස්වර්ණාභරණ සොරාගෙනයාම හේතුවෙන් රෝහල තුළ දැඩි අනාරක්‍ෂිත තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. තවද රෝහල අවට නවතා ඇති වාහනවල කොටස් ගලවාගෙන යාමේ පැමිණිලි ද මේ අතර වේ.

රෝහල අවට සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් මෙම සොරකම් කිරීම් සිදුකරන බවත්, ඇතැම් රෝහල් කනිෂ්ඨ සේවකයන් මෙම සොරකම් සඳහා සහය දක්වන බවත් පැවසේ.

ඇතැමුන් රෝහලේ සාත්තු සේවකයන් මෙන් සැරසී පැමිණ සොරකම් කරන බවත් එහි ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ජනතාව පොලීසියට දිගින් දිගටම පැමිණිලි කළත් තවමත් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව ද හෙතෙම පැවසීය.

මේ වන විට රෝහල් සේවකයන් විසින් සොරකමේ පැමිණි කිහිපදෙනකු අල්ලා පොලීසියට භාර දී තිබෙන බව ද වාර්තාවේ.

පොලිස්පතිතුමනි, මහජන ආරක්‍ෂාව භාර ඇමතිතුමනි මේ ඔබලාගේ අවධානයටයි.

උපුටාගැනීම : lankadeepa.lk

More from අවධානය පිණිසයිMore posts in අවධානය පිණිසයි »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *