Press "Enter" to skip to content

ලංකාවේ මල් නෙදර්ලන්තයට

ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන සඳහා අන්තර්ජාතික වෙළෙඳපොළේ ඉහල ඉල්ලුමක් ඇති බැවින් එම වෙළෙඳපොළ අල්ලා ගැනීම සඳහා මෙරට රජය මෙන්ම ව්‍යාපාරිකයින්ද උනන්දු විය යුතුයැයි ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බෝනී හොර්බැච් ( Bonnie Horbach ) මහත්මිය පැවසුවාය.

ඒ සඳහා අවශ්‍ය සහයෝගය තමන්ට ලබා දිය හැකි බවද තානාපතිනිය කීවාය.

නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තය ආශ්‍රිතව තාක්ෂණික සම්බන්ධතා වර්ධනය කර ගැනීමේ අරමුණින් තානාපතිනිය සහ නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ කෘෂිකාර්මික අංශ පිළිබඳව උපදේශක මිචිල් වැන් එර්කෙල් ( Michial Van Erkel ) මහතා සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

නෙදර්ලන්තය විසින් දැනට භාවිතා කරන නව කෘෂි තාක්ෂණය හා පුහුණුව පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

නෙදර්ලන්තයට කෙන්යාවේ සිට විසිතුරු මල් ආනයනය කරන අතර ඒ සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව දීමට හැකි බව ද තානාපතිනිය පැවසුවාය. ලංකාව යනු මල් වගාවට ඉතා හොඳ ශක්‍යතාවයක් ඇති රටක් වන හෙයින් ශ්‍රී ලංකාවට විදේශ රටවල සිට මල් ආනයනය කිරීම ගැන තානාපතිනිය කනගාටුව පළ කළාය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *