Press "Enter" to skip to content

ලංගම කොන්දොස්තරලා සිදුකරන වංචාවක් ගැන ඇමති බිමල්ගෙන් හෙළිදරව්වක්

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයේ නියුතු කොන්දොස්තරවරුන් විසින් දිනකට රුපියල් කෝටි 2 ක වංචා සිදු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතාවට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

ලංකා ගමනාගමන මණ්ඩලය විනාශ කර ඇත්තේ වෙන කිසිවෙකු නොව එහි කළමනාකරණය බවද ඔහු සඳහන් කළා.

රුපියල් මිලියන 424 ක පිරිවැයකින් ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය යටතේ මෙම මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය සිදු කෙරුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,

“CTB එක විනාශ කරලා තියෙන්නේ බස් නෙවෙයි. CTB එක විනාශ කරලා තියෙන්නේ ඒකේ කළමනාකරණය. මානව සම්පතත් එක්කම කුඩු කරලා තියෙන්නේ. ප්‍රසන්න ඇමතිතුමා එහෙම ළඟදී කියලා තිබ්බා දවසකට බස් කොන්දොස්තර මහත්වරුන්ගෙන් මිලියන 20ක් ඒ කියන්නේ කෝටි 2ක් වංචා වෙනවා කියන එක තමයි තියෙන ඇත්ත තත්වේ. එක අපි විවෘතව කියන්න ඔනේ…

මොකද දේශපාලකයින් වෙච්ච අපි සහමුලින්ම වෙනස් වෙලා තියෙනවා. හොරක්ම් කරන ඒවා, ඥාති සංග්‍රහ ඔක්කොම අයින් කරලා තියෙනවා. අපි කියන දේ කරලා පෙන්වලා තියෙනවා…”

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *