Press "Enter" to skip to content

හිටපු ජනපති රනිල්ට පිළිතුරු දුන් අගමැති හරිනි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළව කැබිනට් තීරණයක් ගත් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත්, ඊට අදාළ නියමිත ක්‍රමවේදය අනුගමනය කර නොමැති බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

පාදුක්කේ ඊයේ (27) පැවති ජනහමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය.

“දැන් රනිල් වික්‍රමසිංහ කිව්වට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්ධනය කිරීමට තීරණයක් ගත්තා කියලා , අපි ඒ කැබිට් සාකච්ඡාවේ කැබිනට් තීරණය බලනකොට භාණ්ඩාගාරයෙන්වත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන්වත් අනුමැතියක් අරගෙන නෙමෙයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. තීරණය ප්‍රකාශ කළා , නමුත් තීරණය ක්‍රියාත්මක කිරීමට කරන්නට ඕනේ කොටස කරලා නෙමෙයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. එතකොට ඒකෙන් මොකක්ද කියන්නේ. ඒක ඉතාමත්ම පැහැදිලිව ජනතාව නොමග යවන්න මැතිවරණ කාලයක් තුළ දුන්න බොරු පොරොන්දුවක්.”

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *