Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන IMF අලුත්ම පැහැදිලි කිරීම

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව IMF ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (01) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, නව රජය දිවුරුම් දීමෙන් පසු IMF නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම සමග ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවය.

අදාළ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් වොෂින්ටන් වෙත පැමිණ සිටි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට ඇති කැපවීම ශ්‍රී ලංකාවේ නව රජය යළි තහවුරු කර ඇති බවද ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *