Press "Enter" to skip to content

සහල් දෙන්නේ අත්‍යාවශ්‍යම අයට විතරයි

සතොස ආයතනයෙන් සහල් කිලෝ පහක සීමාවක් පනවා ඇත්තේ අවශ්‍යම අයට පමණක් පැමිණ රැගෙන යාමට බව සතොස සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරයි.

නාඩු සහල් රුපියල් 220ක පාලන මිලට එසේ ලබාදෙන බවත් සීමා නොකළහොත් තොග වෙළෙඳුන් පැමිණ එම මිලට ලබාගෙන නැවත රුපියල් 235-240 වැනි වැඩි මිලකට විකුණනු ඇති බවද හෙතෙම කියා සිටී.

‘ඔබ දන්නව දැන් අද නඩු මිල මේ තියෙන ව්‍යාපාරිකයන්ගේ තත්ත්වය මත 235-240 ඒ වගේ ගණන්වලට එළිය විකුණනවා. ඉතින් අපි සතොස මගින් ලබා දෙනකොට සමහර වෙලාවට විශේෂයෙන් තොග වෙළඳුන් මේ අය සතොසෙන් 220ට අරගෙන එළියෙ 240ට විකුණනවා. ඉතින් අපි ඒක නවත්තන්න හින්දයි අවශ්‍යම අපේ පාරිභෝගිකයන්ට අවශ්‍යම අයට පමණක් ඇවිල්ලා අරගෙන යන්න කිලෝ පහක් ලබාදෙන්නෙ ඒ පදනම මතයි.“ යනුවෙන් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *