Press "Enter" to skip to content

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

මේ වන විට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින අතර එම ප්‍රමාදය කඩිනමින් යළි යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවට ජනපති අනුර කුමාර දිසානායක මහතා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන්ට උපදෙස් දීි තිබේ.

ඒ අනුව ජනපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ 2025 වසරට අදාළව ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා සහභාගී වූ අවස්ථාවේදී.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (DRP) සහ GovTech (Pvt) Ltd යන ආයතන වලට අයත් ඩිජිටල් සංවර්ධන ව්‍යාපෘති වල ඉදිරි වැඩපිළිවෙළ පරීක්ෂා කිරීම, ක්‍රියාත්මක වීම ප්‍රමාද වීමට හේතු වන බාධක හඳුනා ගැනීම මෙන්ම, ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ පරිපාලන තීරණ ගැනීම අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේ, 2026 වසර සඳහා යෝජිත අයවැය ප්‍රකාශයේ කේන්ද්‍රීය සාධකය වූ ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් කෙරෙන රජයේ ආයෝජන සඳහා ශක්තිමත් පදනමක් ස්ථාපිත කිරීම අවශ්‍ය බවයි.

තවද, දිවයින පුරා පිහිටි දුරකථන කුලුනු සහ අනෙකුත් ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පෞද්ගලික ආයෝජකයින් සහ වෙළඳපොළ හසුරුවන්නන් හට වඩාත් හිතකර පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *