Press "Enter" to skip to content

EPF හා ETF වෙනුවට විශ්‍රාම වැටුපක් දෙනවා ද?

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වෙනුවට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය සූදානම් බවට පළවන වාර්තා අසත්‍ය බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

ඊයේ (09) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ ආණ්ඩුව එවැනි තීන්දුවක් ගෙන නොමැති බවය.

මෙම මුදල් මහජනතාවගේ මුදල්වන බවත්, ඔවුන්ට විශ්‍රාම ගිය පසු කිසිදු බාධාවකින් තොරව එම මුදල් ලබා ගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මෙම මුදලින් 30%ක පමණ ප්‍රමාණයක් හදිසි අවශ්‍යතාවයන් සඳහා ලබා ගැනීමේ හැකියාව පවතින බවද මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදී ඔහු සඳහන් කළේ සිය ආණ්ඩුව කිසිදු පුද්ගලයෙකුගේ ප්‍රතිලාභයක් කප්පාදු කිරීමට ක්‍රියා නොකරන බවත්, තව තවත් ප්‍රතිලාභ ලබා දීම උදෙසා පමණක් කටයුතු කරන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා,

“මහජනතාවගේ ලේ දහඩියෙන් ඉතිරි වෙච්ච මුදල ඔවුන්ගේ අවශ්‍යතාවලට තමා පාවිච්චි වෙන්නේ. ඒ වගේම අදහස් මතු වෙනවා සමාජයෙන් විශ්‍රාම වැටුපක් ලබා ගන්න පුලුවන්ද කියන කාරණාව.

විශ්‍රාම වැටුපක් අපිට ලබා ගන්න පුලුවන් නම් හොඳයි. මේ ගැන සමාජයේ කතාවක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ආණ්ඩුවෙන් කිසිදු තීරණයක් අරගෙන නෑ මේ EPF එකේ තියන මුදල් විශ්‍රාම වැටුපකට හරවලා ඒ තනි දීමනාව වෙනුවට විශ්‍රාම වැටුප් ගෙවනවා කියලා” යැයි ඔහු පැවසීය.

 

More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *