Press "Enter" to skip to content

අපි එක්ක දේශපාලනේ කළ ශානි CID අධ්‍යක්ෂ කිරීම සාධාරණයි…!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සිය පක්ෂය සමග සක්‍රීය දේශපාලනය කිරීමට එකතු වන්නේ එතෙක් පැවති දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

පොහොට්ටු ආණ්ඩුව ශානි අබේසේකර තනතුරින් පහකර අත්අඩංගුවට ගෙන හිරේ දමා බලවත් අසාධාරණයක් කළ නිසා සක්‍රීය දේශපාලනයේ නිරත වුවද ඔහුට සාධාරණය ඉටුකිරීම සඳහා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ධුරයට පත්කළ බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.

පාස්කු ප්‍රහාරය එල්ල වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානි අබේසේකර, අනතුරුව බලයට පැමිණි පොහොට්ටු ආණ්ඩුව විසින් ධුරයෙන් පහකර එම අපරාධකරුවන් අල්ලා ගැනීමට සිදුකළ පරීක්ෂණ අඩාල කළ බවටද වසන්ත සමරසිංහ චෝදනා කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *