Press "Enter" to skip to content

මැති සබේ දහයකට මන්ත්‍රී ධුර අහිමි වෙයි!

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ ද්විත්ව පුරවැසිභාවය සහිත කිසිවකුටත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් දස දෙනකුගේ මන්ත්‍රී ධුරයන් අහෝසි වන හෙයින් නම්බුකාර ලෙස ඉල්ලා අස්වන්නැයි රණවක මහතා ඉල්ලීමක් කළේය.

එමෙන්ම රජයේ ඉහළ තනතුරු දරණ ඇතැම් ද්විත්ව පුරවැසියන්ටද මෙය තීරණයක් ගැනීම සඳහා අවස්ථාවක් බව හෙතෙම කීවේය.

ද්විත්ව පුරවැසිභාවය සහිතව ශ්‍රී ලංකාවේ ජොලියට වැඩ කරන පුද්ගලයන් දැන් තීරණයක් ගතයුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *