Press "Enter" to skip to content

මැතිවරණ පනත නීතිපතිට

ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත් කර නිසියාකාරව සකස් කිරීම සඳහා නීතිපතිවරයාට සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

පනත් කෙටුම්පත සකස් කිරීමෙන් පසුව මේ සතියේදී තමාට ලැබෙනු ඇතැයි පැවසූ කතානායකවරයා පනත් කෙටුම්පත ලැබුණු පසු ඊට සහතිකය සටහන් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.

පනත් කෙටුම්පත බලාත්මක වන්නේ තමාගේ අත්සන සහතික කිරීමෙන් පසුව බව මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

කතෘ – සුජිත් හේවාජුලිගේ
උපුටාගැනීම – ලංකාදීප

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *