Press "Enter" to skip to content

රාජ්‍ය අමාත්‍යවරියකගෙන් රූපවාහිනියට පොල්ලක්

පෙරහරක සජීවී විකාශනයක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරියක් ජාතික රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.

ඇය මෙසේ ගෙවීම පැහැර හැර ඇත්තේ නවගමු ඓතිහාසික පුරාණ ශ්‍රී සත්පත්තිනි මහා දේවාලයේ 1887වැනි රන්දෝලි පෙරහර ජාතික රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශනය කිරීමට වැයවූ මුදල බව පැවසේ.

මෙම නවගමුව පෙරහර 2023 වසරේ සැප්තැම්බර් මස 2 වැනිදා රාජ්‍ය අමාත්‍යවරියගේ ඉල්ලීමක් අනුව ජාතික රූපවාහිනි සංස්ථාව සජීවීව විකාශනය කර තිබේ.

අදාළ හිඟ මුදල සම්බන්ධයෙන් ජාතික රූපවාහිනි සංස්ථාවේ ප්‍රධාන ගණකාධිකාරිවරයා රාජ්‍ය අමාත්‍යවරියට කිහිප වතාවක්ම සිහිකැඳවීම් කර ඇති නමුත් මෙතෙක් එම මුදල ගෙවා නැතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් නිත්‍යානුකූල පියවර නොගන්නා ලෙස ඇය රූපවාහිනී පාලනාධිකාරියට බලපෑම් කර ඇතැයිද මාධ්‍ය වාර්තා කරයි .

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *