Press "Enter" to skip to content

ඩොලරය ශක්තිමත් වීම ගැන ගම්මන්පිල කියයි

ඩොලරයේ අගය කඩා වැටෙන්නේ ආණ්ඩුව මෙරට ආර්ථිකය සවිමත් කරන නිසා නොව මෙරට ආර්ථිකය හැකිලෙමින් තිබෙන නිසා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කරසිටියේ අද (25) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවෙිදීය.

2024 ජනවාරි 1දා රුපියල් 325ක් වුණු ඩොලරය මාර්තු 22 වන විට රු303 දක්වා පහත වැටුන බව පැවසු ගම්මන්පිළ මහතා. ඩොලරය කඩා වැටෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිලිතුරු බඳින ආණ්ඩුව කියන්නේ ආර්ථිකය සවිමත් වන නිසා ඩොලරය පහත වැටෙන බව නමුත් එය සත්‍ය වසන් කිරිමක් යැයිද කීය.

ආර්ථික විද්‍යාව අනුව ඩොලරයේ වටිනාකම පහත වැටිම⁣ට ප්‍රධාන හේතු දෙකක් බලපාන කී හෙතෙම . පළමු හේතුව අපනයන ආදායම, සංචාරක ආදායම සහ විදේශ ප්‍රේෂණ වැඩිවීමයැයිද . දෙවැන්න ආනයන අඩු වි ඩොලර් ඉල්ලුම පහත වැටීමෙන්. යැයිද කීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *