Press "Enter" to skip to content

පාස්කු දින පල්ලිවලට දැඩි ආරක්ෂාවක්

ලබන (29) වන දිනට යෙදෙන මහ සිකුරාදා දිනය සහ (31) දිනට යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් සියලුම කිතුණු දේවස්ථානවලට පැමිණෙන බැතිමතුන් සහ ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරිමේ විශේෂ වැඩපිළිවලක් දේවස්ථානවල පියතුමන්ලා සමග සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීමට සියළුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා උපදෙස් දී තිබේ.

ඒ අනුව ප්‍රජා පොලිස් කමිටු මෙන්ම අදාල දේවස්ථානවල පියතුමන්ලා හා සංවිධායකවරුන් සමග ඒකාබද්ධව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා විසින් සියළුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

දිවයිනේ සියළුම මූලස්ථාන පොලිස් පරීක්ෂවරුන් සහ ස්ථානාධිපතිවරුන් හෙට (26) සහ අනිද්දා (27) තම පොලිස් වසමට අයත් සියලු කතෝලික, ක්‍රිස්තියානි හා වෙනත් දේවස්ථාන වෙත පෞද්ගලිකව ගොස් ඒවායේ පියතුමන්ලා සහ එම දේවස්ථානවල පරිපාලන සාමාජිකයින් හමුවි මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස්කර ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබේ.

පොලිස් ස්ථාන අධික්ෂණය කරන දිස්ත්‍රික්භාර නිලධාරින්ද හෙට (26) සහ අනිද්දා (27) තම දිස්ත්‍රික්කයට අයත් සෑම පොලිස් වසමකම පිහිටි බැතිමතුන් වැඩි වශයෙන් පැමිණෙන දේවස්ථාන තෝරාගෙන ඒවා වෙත ගොස් ආරක්ෂක කටයුතු පිළිබදව පෞද්ගලිකවම සොයා බැලිය යුතු බවද සදහන්වේ.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *