Press "Enter" to skip to content

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණගේ ස්ථාන මාරුව අවලංගු කරයි

දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට නැගෙනහිර පළාතට ලබා දී තිබු ස්ථාන මාරුව ජාතික පොලිස් කොමිෂන් සභාව අද (26) පස්වරුවේ අවලංගු කර ඒ මහතා පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීම් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ලබාදී තිබු ස්ථාන මාරුවට එරෙහිව අජිත් රෝහණ මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර තිබුණි.

එම ලිපිය ජාතික පොලිස් කොමිෂන් සභාවේ අද පස්වරුවේ පැවති රැස්වීමකදි විශේෂ සාකච්ඡාවකට බදුන්කර එම ස්ථාන මාරුව අවලංගු කිරීමට ඒකමතිකව තීරණයකට එළඹී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අජිත් රෝහණ මහතාගේ ස්ථාන මාරුව අවලංගු කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාව ඒ මහතා පොලිස් මූලස්ථානය වෙත ස්ථාන මාරුවීම් කර ඇත.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *