Press "Enter" to skip to content

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදී මරුට

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමකින් අද (16) පස්වරුවේ මියගොස් ඇති බව කළුතර නාගොඩ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු අමාත්‍යවරයා වයර් දෙකක් සම්බන්ධ කිරීමට ගොස් ඇති බවත් එහිදී විදුලිසර වැදී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු ඇති බව පොලිසිය සඳහන් කරයි.

විදුලි සැර වැදීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා පෞද්ගලික වෑන් රථයකින් කළුතර ශික්ෂණ රෝහලට රැගෙන විත් ඇති අතර, ඒ වන විටත් මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.

මෘත දේහය මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේ අද දින පැවැත්වීමට නියමිතව තිබේ.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *