Press "Enter" to skip to content

ගාල්ලට ජාතික රෝහලක්

කරාපිටිය ශික්ෂණ රෝහල දකුණු පළාතෙහි සහ යාබද පළාත්වල රෝගීන් හට මාතෘ සත්කාර සේවා හැර තෘතීයක සේවා සපයන ප්‍රධානතම සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන අතර එකී පළාත්වල ප්‍රාථමික හා ද්විතීයක සෞඛ්‍ය සත්කාරක සේවා ආයතන මගින් විශේෂඥ සේවාවන් සඳහා මෙම රෝහල වෙත රෝගීන් යොමු කරනු ලබයි.

රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඉගැන්වීම් කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය ස්ථාපිත කර ඇත.

මෙම වසර අවසන් වන විට රෝහලෙහි ඇඳන් ධාරිතාවය 2858ක් දක්වා වැඩි කිරීම මත එය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලට පමණක් දෙවැනි වන තෘතීයක සේවා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතැයි රජය කියයි.

ඒ අනුව කොළඹ ජාතික රෝහලට සහ මහනුවර ජාතික රෝහලට අමතරව කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස කාණ්ඩ ගත කරමින් ගාල්ල ජාතික රෝහල ලෙස නම් කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මේ අනුව ගාල්ල ජාතික රෝහල ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *