Press "Enter" to skip to content

දැයේ දියණියන් වෙනුවෙන් කැලණි “නාරි” ඉදිරියට

අභියෝගාත්මක සමාජ ආර්ථික වටපිටාවක් තුළ පාසල් අධ්‍යාපනය ද ගැටලු රැසකට මුහුණ දී ඇති කාලවකවානුක කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ හතරවන කණ්ඩායමේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන් විසින් අඩු අදායම් ලාභී පවුල්වල පාසල් සිසුවියන් උදෙසා සනීපාරක්ෂක තුවා ලබා දිමේ (Pad Bank) සමාජ සත්කාරයක වැඩ සටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරමින් පවති.

මෙහි මුලික අදියර ලෙස 2023-01-08 වන දින කඩුවෙල බෝමිරිය පිලිප් තිලකවර්ධන විද්‍යාලයේදී මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුෂා ගෝකුල මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙමාපිය දැනුවත් කිරිමේ වැඩසටහනක් ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වා ඇත.

පාසල් වයසේ දියණියන්ගේ ශාරීරික සෞඛ්‍යය මෙන්ම සනීපාරක්ෂාව පිළිබඳව සමාජය තුල යහපත් කතිකාවතක් ගොඩනඟමින්, අඩු ආදායම්ලාභී පාසල් ශිෂ්‍යාවන් වෙත සනීපාරක්ෂක තුවා භාවිතය, ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කිරීම, පෞද්ගලික සනීපාරක්ෂාව සම්බන්ධ දැනුවත්කිරීමේ සහ සනීපාරක්ෂක තුවා ලබා දීමේ (Pad Bank) ව්‍යාපෘතියක් ලෙස මෙය පෙන්වාදිය හැකි වේ.

නව යොවුන් වියෙහි පසුවන පාසල් ශිෂ්‍යාවන් මෙහි කේන්ද්‍රීය ප්‍රතිලාභී ප්‍රජාව ලෙස හඳුනාගැනෙන අතර ඔවුන්ගේ ශාරීරික, මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කරමින් විශ්වසනීය පෞර්ෂයක් ගොඩනැංවීමේ ප්‍රවේශයක් වශයෙන් ද සැලකිය හැක.

නගරයෙන් බැහැර දුෂ්කර ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පාසල් මෙහි යෝජිත ව්‍යාපෘති ක්ෂේත්‍රය වේ. නගරයෙන් බැහැර පාසල් ශිෂ්‍යාවන් තම සනීපාරක්ෂාව සම්බන්ධ කාරණාවල දී පෙන්නුම් කරන පසුගාමී සහ විවෘතව කතා බහ කිරීමේ ප්‍රවණතාව අඩු මට්ටමක පවතින බැවින් මෙම වැඩසටහනක කෙටිකාලීන ව්‍යාපෘතියක් නොව දිගුකාලීන ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට කරගෙන යාමට අරමුණු කොට ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *