සර්ව ජන බලය ජනාධිපතිවරණ අපේක්ෂක ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කරමින් නැගෙනහිර දමිළ ජනතාව නියොජනය කරන ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ නායක තංගරාජා විශ්නු කාන්තන් මහතා සර්වජන සන්ධානයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් විය.
සර්වජන බලය සහ ශ්‍රී ලංකා ජනතා ජාතික පක්ෂයේ ගිවිසුමකට අද (19) අස්සන් තැබීය.
දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක එකඟතාවයෙන් ගොඩ නැගුනු සර්වජන බලය දේශපාලන එකමුතුව එක්ව නංවන රටක් සතුට පිරුණු දැයක් තේමාව යටතේ ව්‍යවසායකත්ව රාජ්‍යක් නිර්මාණය කිරීම අරමුණ බව දිලිත් ජයවීර එහිදී පැවසීය.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග සහ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ගාමිණී වලේබොඩ යන මහත්වරු, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩී. තිලකසිරි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Be First to Comment