Press "Enter" to skip to content

රේගු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල නිළධාරීන් හා ජනපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ සිදුවිය.

රජයේ පුළුල් ආර්ථික හා නියාමන ප්‍රතිසංස්කරණවලදී අදාල දෙපාර්තමේන්තු දෙකෙහි මෙහෙයුම් කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

ආදායම් කළමනාකරණය හා බදු එකතු කිරීමේදී තමන්ට මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳ දෙපාර්තමේන්තු දෙකෙහි නිලධාරීහු ජනාධිපතිවරයාව දැනුවත් කළහ.

එම ගැටලුවලට ඵලදායී ලෙස මුහුණදීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා රේගු දෙපාර්තමේන්තුව අතර ශක්තිමත් සම්බන්ධීකරණයක් ඇති කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

බදු පැහැර හැරීම වැළැක්වීම හා ආදායම් එකතු කිරීම තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *