Press "Enter" to skip to content

ශ්‍රී ලංකාව BRICS සමුළුවේ සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබාගන්නවා

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත BRICS සමුළුවේ සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ සඳහා මෙම මස 23දා සිට 24දා දක්වා රුසියාවේත් කසාන් නුවර පැවැත්වෙන BRICS සමුළුවට සහභාගී වන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් අයැදුම් කරන බවද ඔහු සඳහන් කළේය. ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය නිසා තමාට මෙම සමුළුවට සහභාගී වීමට නොහැකි බවත් ලේකම්වරයා මගින් සිය පණිවුඩය සමුළුවට ඉදිරිපත් කරන බවත් හේරත් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ ( 14දා) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති මෙරට සිටින විදෙස් තානාපතිවරුන්, එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයන් සහ කොළඹ මූලික කරගෙන ක්‍රියාත්මක ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජාත්‍යන්තර මැදිහත්වීමක් හෝ විදේශ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් රජය එකඟ නොවන බවද ඔහු සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *