Press "Enter" to skip to content

විමර්ශන ඒ මේ අත හරවන්න හැදුවට අපි ඒවා පිළිගන්නේ නෑ

පසුගිය කාලයේ සද්ද නැතිව හිටපු සමහරුන්ට දැන් අමුතු කැක්කුමක් ඇවිත්. මේ පාස්කු වාර්තා කලින්ම අපිටත් ලැබුණා. ඒකේ පොඩි කට්ටකමක් කරලා දේශපාලනවාසි ගන්න. මේ ආණ්ඩුවට සම්බන්ධ නිලධාරීන් දෙදෙනෙක්ගේ නම් ඇතුළත් කරලා යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසීය.

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඒ මේ අත හැරවීමට සමහරු උත්සාහ දැරුවත් ඒවා පිළිගැනීමට සූදානම් නැතැයි ද උන්වහන්සේ පැවසූහ.

කාදිනල්තුමා මෙසේද පැවසීය.

ගිය රජය පත්කරපු කොමිෂන් සභා දෙකක වාර්තා රදගුරු මණ්ඩලයට ලබා දුන්නා. පළමුවැනි කොමිෂන් සභා වාර්තාවේ කියන්නේ ජනාධිපති කොමිෂන් සභාව දුන් නිර්දේශයයි. ඒ කොමිසමේ නිර්දේශ ලියන්න කොමිටියක් ඕනද? හැබැයි මෙතන පොඩි කට්ට වැඩක් කළා. ඒ නිර්දේශවලට අමතරව දැන් රජයේ ඉන්න උසස් නිලධාරීන් දෙදෙනකුට විරුද්ධව නීතිමය කටයුතු කරන්න කියලා ඒ කොමිටිය යෝජනා කළා. කමිටුවට ඒ යෝජනා දුන්නෙත් ආණ්ඩුවයි. ආණ්ඩුවට ඕන ඕන පදයට පාස්කු ප්‍රහාරයේ විමර්ශන මේ ඒ මේ අත යවන්න ඒ ගොල්ලෝ කටයුතු කළාට ඒවා අපි පිළිගන්න සූදානම් නෑ. අපිට ඕන මේ සිද්ධියේ ඇත්ත දැනගන්න විතරයි. මහ මොළකරුවන් කවුද කියා දැනගන්න විතරයි.

නෝමන් පලිහවඩන

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *