Press "Enter" to skip to content

අධිආරක්ෂිත පොලිස් ගොඩනැගිල්ලේ තිබූ යතුරුපැදියක කොටස් අතුරුදහන්

දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක විශේෂ පොලිස් අංශ කිහිපයක්ම ස්ථාපිත කර ඇති පොල්හේන්ගොඩ භූතානි ගොඩනැගිල්ලෙහි නතර කර තිබුණු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අයත් යතුරුපැදියක කොටස් රැසක් නැතිවී ඇතැයි වාර්තාවේ.

මේ පිළිබඳ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රවාහන අංශයේ රාජකාරි සිදු කරනු ලබන පොලිස් සැරයන් සිසිර බණ්ඩාර නමැති නිලධාරියා විසින් කිරුලපන පොලිස් ස්ථානයට පෙරේදා (09) දින පැමිණිල්ලක්ද කර තිබේ.

එම පැමිණිල්ලට අනුව භූතානි ගොඩනැගිල්ලෙහි නතර කර තිබුණු NP WM 1167 දරන යතුරුපැදියේ ඉදිරිපස පහන් කට්ටලය, පැති කණ්ණාඩි යුගලය, රෝදයට සව්කර ඇති පෝක් දෙක, යතුරු පැදියේ මීටර් කොටස මෙසේ නැතිවී ඇත.

මෙම යතුරුපැදිය මාස 04කට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ භාවිතා කරන ලද එකක් බවත් මෙකි පරිශ්‍රයෙහි යොදා ඇති ආරක්ෂකව අනුව පිටස්තරයකුට මේ ආකාරයේ සොරකමක් සිදුකල නොහැකි බවත් උසස් පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *