Press "Enter" to skip to content

පොලීසියෙන් මැති ඇමැති ආරක්ෂක තක්සේරුවක්

මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක තක්සේරුවක් මේ දිනවල පොලීසිය මඟින් සිදු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය.

බුද්ධි අංශවල ද දායකත්වය ගනිමින් සිදු කරනු ලබන මෙම තක්සේරුවේදී තර්ජනයට ලක්වන මැති ඇමැතිවරු කිහිපදෙනකු හඳුනාගෙන තිබීම ද විශේෂිතය. ඇමැතිවරු තර්ජනයට ලක්වන්නේ ඔවුන් ඇමැතිවරු වීම නිසා බව ද මේ වන විට සිදු කරනු ලබන ආරක්ෂක තක්සේරුවෙන් පෙනී ගොස් තිබේ.

එසේ නැතිව පුද්ගලයන් ලෙස එකී ඇමැතිවරු තර්ජනයට ලක් නොවන බව ද බුද්ධි අංශ මඟින් සිදුකරන ආරක්ෂක තක්සේරුවෙන් පෙනී ගොස් තිබේ.

ඉදිරියේදී මෙම ආරක්ෂක තක්සේරුව අනුව ආරක්ෂාව ලබාදිය යුතු මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග බලධාරීන් විසින් ගනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ගයාන් කුමාර වීරසිංහ

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *