2024 සැප්තැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් පියවීමට තිබූ සමස්ත ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 103,705 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2024 දෙවැනි කාර්තුව අවසානයේ දී මෙම අගය සටහන් වී තිබුණේ ඩොලර් මිලියන 100,656 ක් ලෙසිනි.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් 2024 තෙවන කාර්තුවට අදාළව නිකුත් කළ ණය වාර්තාව මගින් මේ බව ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව 2024 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 3,049 කින් හෙවත් ඩොලර් බිලියන 3කින් වැඩි වී ඇත. එහිදී දේශීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 57,486 සිට ඩොලර් මිලියන 59,948 ක් දක්වා ඩොලර් මිලියන 2,462 කින් සහ සමස්ත විදෙස් ණය ඩොලර් මිලියන 37,552 සිට ඩොලර් මිලියන 38,268 ක් දක්වා ඩොලර් මිලියන 716 කින් ද ඉහළ ගොස් තිබේ.
මෙම කාර්තුවේ දී රජය විසින් ගෙන ඇති සහතිකකරණ ලද ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,618 සිට ඩොලර් මිලියන 5,489 ක් දක්වා ඩොලර් මිලියන 129 කින් අඩු වී තිබීම ද විශේෂත්වයකි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Be First to Comment