ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීමේ තොරතුරු දැනගැනීමට ජනතාවට ශුද්ධ වූ අයිතියක් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
“ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීමේ ලැයිස්තු ප්‍රසිද්ධ කිරීම වරදක් විදිහට මම දකින්නේ නැහැ. එය මහජනතාවගේ අයිතිවාසිකමක්. ජනාධිපති අරමුදල තියෙන්නේ ජනාධිපතිගේ සල්ලි නෙවෙයි. මහජන මුදල්. මහජන මුදල් භාවිත වුණේ කෙසේද කියලා දැනගන්න මහජනතාවට අයිතියක් තියෙනවා. මේ මුදල් කෝටිපතියන් අරගෙන තියෙනවා නම් ඒ පිළිබඳ මහජනතාව ප්‍රශ්න කළ යුතුයි.
දුප්පත් මිනිස්සුන්ට දෙන්න තියෙන මුදල තමයි තණ්හාවට ජනාධිපති අරමුදලෙන් අරන් තියෙන්නේ.
ඒ වගේම වෙනත් ව්‍යාපාර නොකරන, සොරකම් නොකරන සාමාන්‍ය මන්ත්‍රීවරයකුට මේ රටේ වෙනත් පුරවැසියකුට ලැබෙන ඒ අයිතියම ලැබිය යුතුයි. නම් ප්‍රසිද්ධ වුණහම රටටත් බලාගන්න පුළුවන් කෝටිපතියො ද අහිංසක මිනිස්සු ද අරන් තියෙන්නේ කියලා” යැයි ද හෙතෙම කීවේය.
Be First to Comment