Press "Enter" to skip to content

ඉදිරියේදී රජයේ සැලැස්මට කටයුතු නොකරන වී මෝල් වෙත හමුදාව යොදවනවා

රජයේ සැලැස්මට අනුව ක්‍රියා නොකරන වී මෝල් වෙත හමුදාව යොදවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ(21) රාත්‍රීයේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.

රජය විසින් ලබාදෙන නියමයන්ට අනුව මහාපරිමාණ වී මෝල් හිමියන් කටයුතු නොකරන්නේ නම්, වී මෝලේ සිය වෙළඳසැලට සහල් ප්‍රවාහනය කෙරෙන අවස්ථාව දක්වා හමුදා නිරීක්ෂණය සිදුකෙරෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සහල් යනු ජාතික දේපලක් බව පෙන්වාදුන් ජනාධිපතිවරයා, රජය කිසිදු ආකාරයක අසාධාරණ නියාමනයන් මෙතෙක් සිදුකර නැතැයි ද පැවසීය.

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *