Press "Enter" to skip to content

මැද පන්තිය ඉක්මනින් පොහොසත් වෙලා.. නාඩු අතෑරලා කීරි සම්බාවලට මාරු වෙනවා..!

රටේ සම්බා සහ කීරි සම්බා පරිභෝජනය කරන්නේ ජනතාවගෙන් 15%ක් පමණක් බවත් ඉතිරි 85% රතු සහ සුදු නාඩු පරිභෝජනය කරන බවද වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

එහෙත් ඉහළ ආදායම් ලබන මැද පන්තියේ වර්ධනයත් සමග කීරි සම්බා සඳහා ඉල්ලුම ඉහළ යමින් ඇතැයිද ජනතාව සිය ආදායම් ඉහළ යෑමත් සමග සිය පරිභෝජන රටාව වෙනස් කරමින් කීරි සම්බා වෙත මාරු වෙමින් ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි.

මෙයට විසඳුම් ලෙස මෙවර මහ කන්නයේ පමණක් හෙක්ටයාර් 80 000කට වඩා කීරි සම්බා වගා කර ඇති බවත් ඇමති සමරසිංහ අනාවරණය කරයි.

එහෙත් 2025 යල සහ මහ යන කන්න දෙකේම කීරි සම්බ හෙක්ටයාර් 70 000ක් පමණක් වගාකර සහල් නිෂ්පාදනය කළේ 6%ක් පමණක් බවද හෙතෙම පෙන්වා දෙයි.

සිරස පැතිකඩ දේශපාලන වැඩසටහනට එකතු වෙමින් ඇමති වසන්ත සමරසිංහ මේ බව කීය.

More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *