Press "Enter" to skip to content

රාජපක්ෂ තහනම කැනඩාව ජී 7 රටවලට ගෙන යයි

මානව හිමිකම් කඩ වීමට ලක්වූවන්ට සවන් දෙමින් කැනඩාව රාජපක්ෂ සහෝදරයන්ට සහ හමුදා නිලධාරීන් දෙදෙනාට දැඩි සම්බාධක පැනවීමට කැනඩා රජය තීරණය කළ බවත් ජී7 සාමාජික රටවල් කැනඩාව සමඟ එකතු වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය අයි.බී.සී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

මානව හිමිකම් කඩවීමට ලක්වූ දෙමළ ප්‍රජාව දීර්ඝ කාලයක් දුක් විඳි බවත් වේදනා විඳි බවත් ඔවුන්ට යුක්තිය ළඟා කරදීම සඳහා වගවීම පිළිබඳ සාධනීය වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් එය කළ හැක්කේ ජාත්‍යන්තර මට්ටමින් පමණක් බවත් ජොලී මහත්මිය එහිදී පෙන්වා දී තිබේ.

කැනඩාව සමස්ථයක් ලෙස දැඩිව මානව හිමිකම් ආරක්ෂා කරන රටක් බවත් එසේම ජාත්‍යන්තර සහ බහුපාර්ශ්වික මටට්මෙන් මානව හිමිකම් ගෝලීයව ආරක්ෂා කළ යුතු පද්ධතියක් තිබිය යුතු බවට කැනඩාව විශ්වාස කරන බවත් ජොලී මහත්මිය ප්‍රකාශ කර ඇත.

රටක මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් ගැන සොයා නොබලා ව්‍යවස්ථාදායකයට මුවා වී සිටීමට හැකියාවක් නොමැති බව ජොලී මහත්මිය පවසා තිබේ.

ශ්‍රී ලංකාවට සාමය ඇති වීමට නම් සත්‍ය එළියට පැමිණිය යුතු බවත් එසේම මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් ලෝකයා බලා සිටින බව දැනගත යුතු බවත් ඇය පෙන්වා දී තිබේ.

කතෘ – විමුක්ති එස් රුද්‍රිගු
උපුටාගැනීම – ලංකාදීප

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *