Press "Enter" to skip to content

උක් ගොවීන්ගේ ගැටලු නිර්මා­ණය කළ නාමල්-සජිත්ලා දැන් කිඹුල් කඳුළු හෙළ­නවා

උක් ගොවීන්ගේ ගැටලු විස­ඳී­මට වත්මන් ආණ්ඩුව මැදි­හත් නොවීම නිසා ගැට­ලුව නිර්මා­ණය කළ එදා ආණ්ඩුවේ පිරිස්, අද විප­ක්ෂයේ මුහු­ණින් ගොවීන් ඉස්ස­ර­හට ඇවිත් කිඹුල් කඳුළු හෙළනා බව ගොවි අර­ගල ව්‍යාපා­රයේ ජාතික සංවි­ධා­යක විමල් වත්තු­හේවා මහතා පැව­සීය.

ඒ මහතා මෙසේ පැව­සුවේ පෙරේදා (03) නුගේ­ගොඩ පැවති මාධ්‍ය හමු­ව­කට එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේද පැව­සීය.

“මාස ගණ­නා­වක සිට පැල්වත්ත, සෙව­ණ­ගල, හිඟු­රාන සහ ඇති­මලේ ප්‍රදේ­ශ­වල උක් ගොවීන් බර­ප­තළ ගැටලු රැස­කට මුහුණ දෙනවා. බල­ධා­රීන් සමඟ සාකාච්ඡා කළත් ගැට­ලු­වට විස­ඳු­මක් නෑ. මේ වෙද්දී සීනි මෙට්‍රි­ක්ටොන් 23,000ක් සහ එත­නෝල් විශාල ප්‍රමා­ණ­යක් විකු­ණ­ගන්න ක්‍රම­යක් නැහැ. අනිත් පැත්තෙන් උක් වගා­වට පොහොර යොදන්න ඕන කාලේ ඇවිත්. නමුත් ගොවීන්ට පොහොර ගන්න විදි­හක් නෑ. පැළ තවාන් නඩත්තු කර ගන්න විදි­හක් නෑ. ඒ කියන්නේ ඊළඟ කන්නයේ වගා­වට අවශ්‍ය බීජ ටික­වත් ගොවීන්ට ලැබෙන්නෙ නෑ.

උක්ව­ලට වඩා අඩු විය­ද­ම­කින් බඩ­ඉ­රිඟු මඟින් එත­නෝල් නිෂ්පා­ද­නය කරන්න පුළු­වන්. එත­නි­නුත් පහර වදින්නේ උක් ගොවීන්ට. අනිත් එක තමයි මේ වෙද්දි කුඹු­රු­වල ගොයම් කැපෙ­නවා. එත­කොට සහ­ල්ව­ලි­නුත් එත­නෝල් නිෂ්පා­ද­නය කරන්න පුළු­වන්. ආණ්ඩුව පැත්තෙන් මේ ප්‍රශ්නය සඳහා දිය හැකි උත්ත­ර­යක් තියෙ­නවා. එකක් තමයි සීනි නිෂ්පා­ද­න­යට අදා­ළව පනවා ඇති වැට් බද්ද ඉවත් කිරීම. අනිත් එක තමයි බඩ­ඉ­රිඟු එත­නෝල් නිෂ්පා­ද­න­යට දීලා තියෙන බල­ප­ත්‍රය සම්බ­න්ධ­යෙක් තීර­ණ­යක් ගැනීම. හැබැයි මෙන්න මේ නිශ්චිත උත්තරේ නොදී ආණ්ඩුව උක් ගොවීන්ව කබ­ලෙන් ළිපට ඇදලා දාලා.

දැන් මේ තත්ත්වය පාවිච්චි කරල එළි­යට බැහැ­ගන්න බැරුව හිටපු විප­ක්ෂය ටිකෙන් ටික උළුව උස්සන්න පටන් අර­ගෙන තයෙ­නවා. අපි දැක්කා පසු­ගිය දව­සක සජිත් ප්‍රේම­දාස පැල්වත්තේ ගොවීන් හමු වුණා. පෙරේදා දවසේ නාමල් රාජ­පක්ෂ සෙව­ණ­ගල සහ පැල්වත්ත ප්‍රදේ­ශ­වල රැස්වීම් පැව­ත්වුවා. මොවුන් තමයි මේ ප්‍රශ්නය හැදු­වෙත්. සීනි නිෂ්පා­ද­න­යට වැට් බද්ද ගැහුවේ 2023 දෙසැ­ම්බර් 23 වැනිදා. ඒ සුසිල් ප්‍රේම­ජ­යන්ත ඇමැ­ති­ව­රයා ගෙනාව පන­ත­කින්. එදා තමයි සුදු සීනි බේරලා රතු සීනි­ව­ලට විශාල බද්දක් ගැහුවේ. එදා ඒකට අත උස්සපු නාමල් රාජ­ප­ක්ෂලා අද ගොවීන් ඉස්ස­ර­හට ඇවිල්ලා කිඹුල් කඳුළු හෙළ­නවා. ”

රන්මලී සෝම­සිරි

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *