Press "Enter" to skip to content

ඉදිරි මාස කිහිපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

ගුරු වෘත්තියට යාම සඳහා මාව බලා සිටින උපාධිධාරීන් පිරිස අති විශාලයි. ඒ අනුව විටින් විට ගුරුවරුන් බඳවා ගැනීම පිළිබඳව ආණ්ඩුව නොයෙකුත් මතයන් ඉදිරිපත් කෙරු අතර මේ වෙනතුරුම ගුරුවරුන් බඳවා ගැනීමට නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි බොහෝ උපාධිධාරයෙන් පැමිණි කරයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ,අගමැති හරිනි අමරසූරිය මෙන විය සඳහන් කළේ පළාත් සහ ජාතික පාසල් වල ගුරු පුරප්පාඩු 36,178 පවතින බවයි.

නමුත් මේ වන විටත් අධිකරණයේ මේ සම්බන්ධයෙන් නඩු කටයුත්තක් පවතින බැවින් එය අවසන් වූ විගසම පළාත් වශයෙන් සහ ජාතික මට්ටම් වශයෙන් ගුරුවරුන් බඳවා ගැනීමට තීරණය කරන ඇති බවයි.

ඒ වගේම මේ වන විට ඇය සඳහන් කරනුයේ ඉදිරි මාස කීපය තුළ පුරප්පාඩු විෂයන් සහිත විෂයන් සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට ගැසට් පත්‍රය සූදානම් කිරීමට ඔවුන් සූදානම් බවයි.

ඒ අනුව,ජාතික පාසල්වල පුරප්පාඩු 1,501ක් පවතින බවත් එසේම පළාත් පාසල් ලෙස,

බස්නාහිර ගුරු පුරප්පාඩු 4,630ක්,

දකුණ 2,513ක්,

මධ්‍යම 6,318ක්,

වයඹ 2,990ත්,

ඌව 2,780ක්,

උතුරු මැද 1,568ක්,

නැගෙනහිර 6,613ක්,

සබරගමුව 3,994ක් සහ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු 3,271ක් ද පවතින බව සඳහන්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *