Press "Enter" to skip to content

මුරලිදරන්ට තියෙන කොන්ද මේ රටේ බුද්ධ ශාසන ඇමතිට නෑ

ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් මේ රට සිංහල බෞද්ධ රටක් බව පිළිගන්නා බව ප්‍රකාශ කොට ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

මේ රටේ වසර 22ක් එළිමහන් සිරකරුවෙකු ලෙස සිටි රොබට් නොක්ස් එදා හෙළ දිව කෘතියෙයෙහි මේ රටේ ජනයාගේ ආගම වන බුදු දහම තර්කානුකූල සහ බුද්ධිඝෝචර බවත් තමන්ද එය ළිගන්නා බවත් සඳහන් කර ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙත් වත්මන් ආණ්ඩුවට සහ එහි බුද්ධ ශාසන සහ ආගමික කටයුතු ඇමතිවරයාට මේ රට බෞද්ධ රාජ්‍යයක් බව පිළිගැනීමට තරම් කොන්දක් නැති බව ද විමල් වීරවංශ සඳහන් කරයි.

මේ වන විට ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ බුද්ධ ශාසන අමාත්‍යංශයක් නොමැති බවත් පාසලේ බුදු දහම වෙනුවට සර්ව ආගමික කොත්තුවක් දරුවන්ට ලබා දීමට සූදානම් වන බවට ද ඔහු චෝදනා කරයි.

මේ රට බහු ආගමික බහු සංස්කෘතික රටක් බවට බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් විමල් වීරවංශ මේ බව කීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *